December 5, 2024

Kathikawa#105: Making Independent Commissions more effective

ස්වාධීන කොමිෂන් සභා වඩා සාර්ථක කර ගන්නේ කෙසේද? | November 06, 2022

FULL VIDEO: https://www.facebook.com/nationalmovementforsocialjustice/videos/567214358738960

MODERATOR: Mr. Harendra B Dasanayake, Director Research, One Text Initiative Guarantee Ltd

PANEL:

  • Mr. Nihal Wickramasuriya, Former Chairman, National Procurement Commission
  • Mr. Uditha Palihakkara, Former Chairman, National Finance Commission
  • Ms. Ramani Muttettuwegama, Senior Advocate and Managing Partner Tiruchelvam Associates
  • Mr. Siri Hettige, Former Chairman, National Police Commission

සාකච්ඡා වූ ප්‍රධාන අදහස්

  1. යටිතල/ කාර්යාල පහසුකම් / මානව සම්පත් නොමැති වීම පිළිබඳ ගැටලු
    • අලුත් කොමසම් පත් කිරීමේ සිට ක්‍රියාත්මක වීම දක්වා මාස හයක් පමණ ගත වීම. විශේෂයෙන් අලුතින් පිහිටුවනු ලබන කොමිසම් වලට මෙය බලපායි.
    • කොමසාරිස්වරු හැරුණුවිට අනෙකුත් නිලධාරීන් රාජ්‍ය සේවයේ සේවකයන් අතුරින් පත් කිරීමේදී කල් ගත වීම
    • බොහෝ විට අවශ්‍ය තරම් සේවක සංඛ්‍යාවක් ලබා ගැනීම අපහසු වේ.
  1.  ගුණාත්මක මානව සම්පත් ලබා ගැනීම
    • ඇතැම් කොමිසම්වල කාර්යභාරයට අදාළ සුවිශේෂී දැනුම සහ පුහුණුව අවශ්‍ය කාර්යයන් සඳහා රාජ්‍ය සේවයේ සිටින නිලධාරීන් අතුරින් විශේෂඥ දැනුම සහිත නිලධාරීන් බඳවා ගැනීමට නොහැකි වීම
    • රාජ්‍ය සේවයට පිටතින් එවන් කුසලතා ලබා ගැනීම සඳහා වෙළඳපොළ මිල සමඟ ගැලපෙන ගාස්තු හෝ වේතන ගෙවීමට නොහැකි වීම
    • රාජ්‍ය සේවා කොමිසම, වැටුප් කොමිසම ආදී ආයතන හරහා උක්ත අවශ්‍යතා ඉටු කර ගැනීම ඉතා අසීරුය
    • රාජ්‍ය නොවන සංවිධාන/ ජාත්‍යන්තර බහු පාර්ශවීය ආයතන මගින් එවන් සේවා ලබා ගැනීමට කටයුතු කෙරුණ ද ඒවා ප්‍රමාණවත් නැතිවා මෙන්ම ස්ථාවර ද නොවේ.
  1. ජනතා අපේක්ෂාවන් සහ කාර්යභාරය අතර පරතරය
    • ස්වාධීන කොමිසම්වලින් ජනතාව අපේක්ෂා කරන අන්දමේ සේවයක් ලබා දීමට බොහෝ කොමිසම් අපොහොසත් වීමට ඒ්වා සතු බලය සහ සම්පත් හිඟතාව බලපායි.
    • ඇතැම් කොමිසම් නිර්දේශ නිකුත් කිරීම සහ පටිපාටි සම්පාදනයට සීමා වී තිබුණ ද ජනතාව ඊට වඩා නීති ක්‍රියාවට නැංවීමක් අප‌ේක්ෂා කරති (කොමිසම්වලට ප්‍රමාණවත් තරම් දත්ත තිබෙනවාද?)
  1. කොමිසම්වල ස්වාධීනත්වය
    • කොමිසම්වලට සාමාජිකයන් පත්කිරීම
    • ඒවායේ මූල්‍ය සම්පාදනය
    • ක්‍රියාත්මක වීමේ නිදහස සහ ප්‍රමාණවත් පිළිගැනීමක් ලැබීම

යන අංශ තුනම කොමිසමක ස්වාධීනත්වයට බලපායි. එබැවින් හුදෙක් ස්වාධීන අන්දමින් පත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. කොමිසමට මුදල් සම්පාදනය මෙන්ම ඒ වෙනුවෙන් පෙනී සිටීම (presenting and protecting) පාර්ලිමේන්තුව තුළ සිදු කිරීම වැදගත්ය.             

  • දේශපාලන අතපෙවීම් වළැක්වීම පිණිස තවදුරටත් කටයුතූ කළ යුතු වේ. පොලිස්පතිවරයාගේ මෑතකදී නිකුත් කළ වාර්තාව අනුව, බොහෝ පත්කිරීම් සහ මාරු කිරීම් සිදු කර ඇත්තේ ප්‍ර්‍ර්‍ර්‍රාදේශීය දේශපාලඥයන්ගේ අවශ්‍යතා අනුවය.
  • කොමිසම්වල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස, ව්‍යවස්ථාව සංශෝධනය වුවද පවතින කොමිසම්වල ක්‍රියාකාරිත්වය පිළිබඳ විශේෂ ගැටලුවක් නැතිනම් ඒ්වා දිගටම පවත්වා ගැනීම සලකා බැලිය යුතුය. 
  1. කොමිසම්වල බලතල
    • නිර්දේශ පැහැර හැරියහොත් ගත හැකි ක්‍රියාමාර්ග පැහැදිලිව සඳහන් විය යූතුය
    • වෙනත් සමගාමී සමග ආයතනික මට්ටමින් සම්බන්ධ වීමේ අවස්ථාව ලැබිය යුතුය.
  1. කොමිසම් අනවශ්‍ය බරක්ද? 

කොමිසම් පිහිටුවා පවත්වාගෙන යාමේ බර ඒ්වායින් ලැබෙන ප්‍රතිලාභවලට අනුව සලකා බැලිය යුතූ වේ. ඒ අනුව, එම ආයතනවලින් වැඩි සේවයක් ලබා ගැනීම මිස, ඒවා තවත් දූර්වල වීමට ඉඩ තැබුවහොත්, දූෂණය සහ නාස්තිය මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදය ද විශාල අනතූරකට මුහුණ දෙනු ඇත.

ප්‍රධාන නිර්දේශ

  1. මූල්‍ය ස්වාධීනත්වය සහ මානව සම්පත් ලබා ගැනීමේ ශක්‍යතාව වර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ.
    1. ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කිරීම.
    2. මූල්‍ය ස්වධීනතාව ඇති කිරීම පිණිස ඇතැම් කොමිසම්වලට සිය සේවා ලබා ගන්නා ආයතනවලින් ගාස්තු අය කිරීමේ ක්‍රමයක් සම්පාදනය කිරීම (නිදසුන් ලෙස, විදුලි සන්දේශ නියාමන කොමිසම සහ මහජන උපයෝගීතා කොමිසම මෙන්)
    3. මානව සම්පත් ඍජුව බඳවා ගැනීමේ හැකියාව කොමිසම්වලට ලබා දීම (ආයතනික නිර්දේශපාලනීකරණය ආරක්ෂා කර ගැනීමට ප්‍ර්‍රවේශම් විය යුතුය)
  2. කොමිසම්වල තීන්දු සහ නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට හෝ ආයතනවලට එරෙහිව කටුයුතු කිරීමේ බලතල සහ බල ව්‍යුහයන් නිවැරදි කළ යුතුය.
  3. එක් කොමිසමක කාර්යය සාර්ථක වීමට බොහෝ වෙනත් ආයතනවල කාර්යක්ෂමතාව ද බලපාන බැවින් ආයතන අතර තොරතුරු බෙදා හදා ගැනීමේ හැකියාව වර්ධනය කිරීම සුදුසුය.
  4. කොමිසම්වල වගවීම සහතික කිරීම පිණිස කාර්තුමය හෝ ද්වි-වාර්ශික වාර්තා පාර්ලිමේන්තුවට ලබා දීම අනිවාර්ය කළ යුතුය. 
  5. කොමිසම් සහ වෙනත් රාජ්‍ය ආයතන සමාජ විගණනයකට (social audit) ලක් කිරීම සුදුසුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *