ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුවේ හිටපු කථානායක දේශබන්ධු කරු ජයසූරිය මහතා ප්රමුඛ කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා යලි පණ ගැන්වීමේ මෙම යෝජනාව සම්පාදනය කරන ලදී.
යෝජිත ආංශික අධීක්ෂණ කමිටු ලැයිස්තුව
(ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුව සඳහා නව ආංශික අධීක්ෂණ කාරක සභා නම් කිරීමේදී අපි 2020 වර්ෂයේ Verite Research ආයතනය විසින් යෝජනා කරන ලද “අමාත්‍ය මණ්ඩල පිහිටුවීම සඳහා තාර්කික ක්‍රමයක්” යන ලේඛනයේ සඳහන් විෂයයන් පහළොව අපේ විශ්ලේෂණ රාමුව ලෙස භාවිතා කළෙමු. දෙවනුව, අපි ශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තුවේ 2015-2020 කාලය තුළ ක්‍රියාත්මක වූ ආංශික අධීක්ෂණ කමිටු විෂයයන් යෝජිත නව විෂයන් හා පෙළගැස්වූවෙමු. තුන්වෙනුව රටේ පවතින දරුණු මෙන්ම දිගුකාලීන ආර්ථික අර්බූදයට විසදුම් සෙවීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීම සඳහා නාමකරණයේ යම් වෙනස් කම් කළෙමු. )
- ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම – සමාජයේ දුබලම කොටස් වලට අවධානය දෙමින්, පවුල් හා ප්‍රජාවන්ට සහන සැපයීමේ, ප්‍රකෘතිමත් වීමට අත දීමේ, සහ සුවපත් කිරීමේ සේවාවන් (Relief, Recovery & Healing) සාධාරණ හා කාර්යක්ෂමව සැපයීම සඳහා
- බලශක්ති සහ ප්‍රවාහනය – බලශක්ති ප්‍රභවයන් සහ බලශක්ති භාවිතයන් ප්රශස්ත කිරීම සඳහා
- ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය – ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සහ කෘෂිකාර්මික අපනයන ආදායම වැඩි කිරීම
- භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා අපනයනය වැඩි කිරීම – අපගේ විදේශ සංචිත ගොඩනැගීමට සහ දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා
- අධ්‍යාපනය – උපරිම ප්රතිලාභ සඳහා සීමිත සම්පත් යොදා ගනිමින් පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දීමට අත්‍යවශ්‍ය නිපුණතා සහිත අනාගත පරපුරක් ගොඩනැගීම සඳහා
- සෞඛ්‍යය – ආන්තික ආර්ථික තත්ත්වයන් යටතේ ජීවත් වන ජනතාවකගේ අවම සෞඛ්‍ය සහ පෝෂණ ප්රමිතීන් පවත්වා ගැනීම සඳහා
- විවෘත සහ වගකියන රාජ්‍ය සේවාවක් – සමස්ත පද්ධති වෙනසක් සඳහා අරගල කරන තරුණයන්ගේ මෙන්ම සමාජයේ ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීම සඳහා
- ජාත්‍යන්තර සබඳතා – ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය හා ගෞරවය දිනා ගැනීම සඳහා
- ජාතික ආරක්ෂාව – ජාතික ආරක්ෂාව යළි නිර්වචනය කිරීම සහ ජාතියට සහනය, ප්‍රකෘතිය සහ සුවය ලබා දීම සඳහා අපගේ ආරක්ෂක හමුදාවන්ගේ ශක්තිය උපයෝගී කර ගැනීම සඳහා
- විදේශ රැකියා සහ ශ්‍රමය – තරුණයින් සඳහා රැකියා පුහුණු හා රැකියා අවස්ථා වැඩි කිරීම සහ සැමට ශ්‍රමයේ ගෞරවය සහතික කිරීම සඳහා
- යුක්තිය පසිඳලන සහ නීතිගරුක සමාජයක් – නීතිය හා සාමය සඳහා වූ ආයතන පිළිබඳව ජනතාවගේ විශ්වාසය ගොඩනැගීම හා නීතිගරුක සමාජයක් ඇතිකිරීම සඳහා
- පරිසරය, ස්වභාවික සම්පත්, සහ තිරසාර සංවර්ධනය – දුෂ්කර තත්වයන් යටතේ ආර්ථික සංවර්ධනයක් පවත්වා ගැනීමේදී පරිසරයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා
- මාධ්‍යය, තාරුණ්‍යය, ජාතික උරුමය, සහ නව පුරවැසියා – ශ්‍රී ලාංකීය උරුමයෙන් ශක්තිමත්ව නව පුරවැසිභාවයක් නිර්වචනය කිරීමට තරුණයින්ට අවකාශයක් නිර්මාණය කිරීම සඳහා
- සංහිඳියාව සහ ජාතික සමගිය – බහුවිධ ගැටුම් හා විපත්තිවලින් බැට කෑ සමාජයක් සුවපත් කිරීම අරමුණු කරගනිමින් ආගම් එක් කිරීම සඳහා
- ළමුන්, කාන්තාවන්, සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය – දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සහ ඔවුන්ගේ සංජානන, ශාරීරික සහ මනෝ සමාජීය සංවර්ධනය; කාන්තාවන් සවිබල ගැන්වීම,;සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ LGBTQ ගැටළු විසඳීම සඳහා
- ආර්ථික හා යටිතල පහසුකම් සැලසුම්කරණය – රජයේ සහන, ප්‍රකෘතිය සහ සුව කිරීමේ ප්රයත්නයන්ට පදනම සැපයීම සඳහා