December 4, 2024

Kathika #121: How Can Sri Lanka’s tax collection be made fair and efficient

ලංකාවේ බදු එකතු කිරීම සාධාරණ හා කාර්යක්ෂම කරන්නේ කෙසේද? | March 12, 2023

FULL VIDEO is at https://www.facebook.com/nationalmovementforsocialjustice/videos/876658003418912

MODERATED BY Prof. Rohan Samarajiva

PANEL:

  • Prof. Mick Moore, Senior Fellow, Institute of Development Studies, UK (Attachment Sinhala|English)
  • Dr.. Sanath Jayanetti, Senior Fellow, InReach Global

INTRODUCTION

It is well understood that the Sri Lankan state has been weak in raising revenues. This has been a major contributor to the current crisis. As part of the recovery effort, the government has reversed the ill-advised tax cuts of 2019 and sought to make additional changes to increase tax revenues from corporate and personal income taxes, value-added taxes, etc. These changes are being implemented at a time of rampant inflation when perhaps all persons and companies not directly engaged in exports are in difficulty.

State-sector unions and professionals are seeking to lessen the burdens of personal income tax on themselves. Opposition parties including the JVP are engaged in efforts to win their support. The JVP proposed to raise the taxation threshold to LKR 200,000 per month (LKR 2.4 million/year) and cap the highest rate at 24%. The SJB countered with LKR 250,000/month (LKR 3 million/year) and ambiguity on the topmost rate. There is not much debate about the other tax increases.

Those in support of tax increases and those who oppose the personal tax increases are agreed on one thing: tax collection must be made more efficient and fair; those who are wealthy and or earning in the non-formal economy must also be compelled to pay their fair share. This webinar seeks to identify the short, medium and long term solutions based on international experience and understanding of Sri Lankan conditions.

The annexed 2022 April note by Umesh Moramudali and Mick Moore was the starting point of the discussion.

Conclusions

  1. Widespread use of tax exemptions must stop. Given the breaking of contractual  commitments as a result of bankruptcy, a case may be made for rescinding or at least renegotiating tax exemptions. This must be accompanied by assurances of no further changes because certainty is valued by investors.
  2. Uniformity in corporate tax rates and VAT is also advised.
  3. Improve revenue collection from real estate
    1. Re-valuation of built-up land in Colombo/Western Province should be priority
    1. Special arrangements may be made for those with inherited real estate but no means to pay taxes. One solution is to create a lien on the land that can be released upon the person’s demise and the payment of the taxes owed.
  4. No advisable to create tax files for all above 18 years given current weak capacity of IRD.
  5. High priority must be given to improving human capacity of IRD (e.g., ensuring more accountants are recruited) and digital capacity (action on RAMIS).
  6. Creating a single revenue authority may not be necessary as long as the systems are interconnected and monitoring is strong.
  7. The existing Tax Commission reports, especially that which was completed in 2009 and kept under wraps until 2016, are fine. Instead of starting on a new Commission, may be best to review this and focus on implementation.
  8. Clarity is needed on who should be responsible for withholding and remitting the WHT on leases/rentals.
  9. Data should be linked, with one anomalous data point triggering examination of other data.

Annex 1: Outline Revenue Strategy for a New Government of Sri Lanka, April 2022 (English)

A. Context

1.           At the time of writing, we do not know whether the Sri Lanka government will manage to re-negotiate its debt or whether it will be forced into a disorderly default. The ideas in this note would be relevant to either case. We assume a new government.

2.           The government will be seeking revenue to meet urgent needs. It will also need to develop a credible strategy to (a) protect its existing revenue in the face of high inflation and (b) increase revenue in the future. The latter will be essential (a) to facilitate an agreed debt rescheduling or (b) to make foreign borrowing possible again following a disorderly default.

3.           Any medium or longer term revenue strategy will need to address issues of tax administration. Without improving tax administration, the scope to increase revenues in the medium and longer terms is limited.

4.          In reforming tax administration, the initial emphasis should be on the Inland Revenue Department (IRD). There are 4 reasons for this:

  • There is more scope to reform the IRD. Its underperformance problems are more easily dealt with.
  • Correspondingly, Customs has and will be much more resistant to reform, with more vested interests to protect.
  • Assuming a further deterioration in the rupee exchange rate and/or the continuation of serious import controls, not a great deal of additional revenue can be earned by increasing tax rates on imports. (That does not rule out very high duties on ‘luxury’ imports. That is desirable for political reasons. It will not raise much revenue.)
  • In the longer term, Lanka needs to shift the tax burden toward the direct taxes collected by IRD, especially income tax.

B. Recommendations, in order of priority

1.           The first priority would be to reverse the tax reductions given in the 2019 Budget, including the exemptions from Withholding Tax and the replacement of mandatory PAYE by voluntary APIT.

2.           Personal Income Tax (PIT) rates should be increased at the same time, and the threshold for paying PIT should be reduced (taking into account the rate of inflation, that will anyway lower the effective threshold).

3.           In urgent consultation with the management, senior staff and trades unions of the IRD, a task force should be created with the task of definitively identifying and fixing the problems of the IRD’s RAMIS IT system within a few months. It functions badly, for reasons that are contested and not fully clear.

4.           Again in consultation with the management, senior staff and trades unions of the IRD, another small task force should develop a strategy for improving the performance of IRD, with the target of increasing the revenue it collects by at least 50% in real terms over 4 years. We believe there is sufficient commitment and ability within the IRD to make this possible. The most obvious missing factor is strategic leadership. This needs to be addressed.

5.           The Lankan tax system is absolutely full of exemptions of various kinds. Reducing them could contribute significantly to both revenue and tax efficiency. We recommend establishing a small, semi-permanent task force charged with examining all existing tax exemptions and recommending ways of quickly terminating those that seem unjustified.

6.           The task of reforming the IRD could be made easier if it were visibly part of a long term strategy of tax administration reform. We recommend starting from the excellent strategy set out in the Report of the 1968 Tax Commission. That was ahead of its time, and still very relevant today. The essence was the proposal to establish a Directorate-General of Revenue, with a Director-General and Directors of Tax Policy and of Tax Implementation. While IRD, Customs and Excise would remain separate Departments, principally for assessment purposes, most other functions (e.g. Collection, Investigations, Human Resources, Legal) would be performed by specialised, common Departments. This would greatly facilitate the cooperation among separate revenue departments that is so conspicuously lacking in Lanka at the moment. In making this suggestion, we are aware that the 2002-4 government made a related proposal, to establish a semi-autonomous revenue authority, that was quickly rejected by the staff of the revenue agencies. That is partly because it was announced suddenly, without consultation. Consultation will help, but will not itself lead to widespread support. We suggest that the strategy should be to create the Directorate-General of Revenue, quickly transfer the IRD to it, with much improved remuneration packages and employment conditions, and aim to incorporate the Customs and Excise Departments in the longer term.

Umesh Moramudali, University of Colombo

Mick Moore, International Centre for Tax and Development and IDS, Sussex.

12 April 2022.

Annex 2: ශ්‍රී ලංකාවේ නව රජයක් සඳහා ආදායම් උපායමාර්ග සාරාංශය – 2022 අප්‍රේල්

A. සංදර්භය

  1. මෙම ලිපිය සම්පාදනය කරනු ලබන අවස්ථාව වන විට, ශ්‍රී ලංකා රජය සිය ණය ගැන නැවත සාකච්ඡා කර ප්‍රතිව්‍යූහගත කරගන්නට සමත් වේද, නැතහොත්, අක්‍රමවත් ණය පැහැර හැරීමකට ලක්වනු ඇත්ද යන්න අපි නොදනිමු. මෙම සටහනේ ඇති අදහස් එකී ඕනෑම තත්වයකට අදාළ වනු ඇත..
  2. හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ආදායම් සොයාගැනීමට රජයට සිදුවේ. ඒ වෙනුවෙන් විශ්වසනීය මූලෝපායක් සම්පාදනය කිරීමට සිදුවේ. (අ) ඉහළ උද්ධමනය හමුවේ පවතින ආදායම ආරක්ෂා කර ගැනීම අවශ්‍යය. (ආ) අනාගතයේ දී ආදායම වැඩි කර ගැනීමට අවශ්‍යය. එහිදී, දෙවැනියට සඳහක් කරන ලද කරුණ අත්‍යවශ්‍ය වනු ඇත. ඒ පහත දැක්වෙන හේතු නිසාය. (අ) එකඟ වූ ණය ප්‍රතිව්‍යූහගත කිරීමකදී අවශ්‍ය කටයුතු සිදුකිරීමට සහ (ආ) අක්‍රමවත් ණය පැහැර හැරීමකින් පසුව නැවත විදේශ ණය ලබා ගැනීමට හැකියාව ලබාගැනීම සඳහා.
  3. ඕනෑම මධ්‍ය කාලීන හෝ දිගුකාලීන ආදායම් උපාය මාර්ගයක් මගින් බදු පරිපාලනය සම්බන්ධ ගැටලු විසඳීමට අවශ්‍ය වනු ඇත. බදු පරිපාලනය වැඩිදියුණු කිරීමකින් තොරව, මධ්‍යම හා දිගු කාලීන වශයෙන් ආදායම් වැඩිකර ගැනීමට ඇත්තේ සීමිත අවස්ථාවකි.
  4. බදු පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීමේදී මූලික වශයෙන් අවධානය යොමුකළ කළ යුතු වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) වෙතය. මේ සඳහා හේතු 4 ක් ඇත:
  5. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැඩි අවස්ථාවක් තිබේ. එහි කාර්ය සාධනයේ අඩුපාඩු පිළිබඳ ගැටලු වඩාත් පහසුවෙන් විසඳාගත හැකිය.
  6. එයට සාපේක්ෂව, රේගුව ප්‍රතිසංස්කරණවලට වැඩි විරෝධයක් දක්වනු ලැබිය හැකි අතර, දැනට තිබෙන තත්වය පවත්වාගැනීමට කටයුතු කිරීමේ වැඩි පෙළඹුමක් තිබේ.
  7. ශ්‍රී ලංකා රුපියල් විනිමය අනුපාතිකය තවදුරටත් පිරිහීමට ඉඩ තිබේ. ඒ සමගම, බරපතල ආනයන පාලනයන් ද දිගටම පවතින්නේ යයි උපකල්පනය කළහොත්, ආනයන මත බදු අනුපාත වැඩි කිරීමෙන් අමතර ආදායමක් උපයා ගත නොහැක. (‘සුඛෝපභෝගී’ ආනයනය සඳහා ඉතා ඉහළ තීරුබදු අය කිරීමට ඉඩ තිබේ. දේශපාලන හේතූන් මත එය යෝග්‍ය වේ. එහෙත්, එයින් විශාල ආදායමක් ලැබෙන්නේ නැත.)
  8. දිගුකාලීනව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතු කරනු ලබන සෘජු බදු ප්‍රමාණය වැඩි වන පරිදි ශ්‍රී ලංකාව පරිවර්තනය විය යුතුය. විශේෂයෙන්ම, ආදායම් බදු වෙත යොමු විය යුතුය.

B. ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව නිර්දේශ

  1. පළමු ප්‍රමුඛතාවය වනුයේ 2019 අයවැයෙන් ලබා දී ඇති බදු අඩු කිරීම් ආපසු හැරවීමයි.  රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කිරීම අවසන් කළ යුතුය. උපයන විට ගෙවීමේ බද්ද (PAYE) වෙනුවට අනිවාර්ය පුද්ගල ඉහළ ආදායම් බද්ද (APIT) හඳුන්වා දිය යුතුය.
  2. පුද්ගල ආදායම් බදු (PIT) අනුපාතික ඒ සමගම වැඩි කළ යුතු අතර, පුද්ගලආදායම් බදු ගෙවීමේ සීමාව අඩු කළ යුතුය (උද්ධමන අනුපාතිකය සැලකිල්ලට ගත යුතුය. එමගින් ඵලදායී සීමාව අඩු වනු ඇත).
  3. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙහි කළමනාකාරිත්වය, ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය සහ වෘත්තීය සමිති සමඟ වහා උපසේ විමසීමක් පැවැත්විය යුතුය. මාස කිහිපයක් ඇතුළත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙහි RAMIS තොරතුරු තාක්ෂණ පද්ධතියේ ගැටලු නිශ්චිතව හඳුනාගෙන ඒවා විසඳීම සඳහා කාර්ය සාධක බලකායක් නිර්මාණය කළ යුතුය. සම්පූර්ණයෙන්ම පැහැදිලි කළ නොහැකි කිසියම් ගැටලුකාරී හේතු නිසා එය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැත.
  4. නැවතත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙහි කළමනාකාරිත්වය, ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර, දෙපාර්තමේන්තුවෙහි කාර්ය සාධනය වැඩි දියුණු කිරීම සඳහා උපාය මාර්ගයක් සම්පාදනය කිරීම සඳහා තවත් කුඩා කාර්ය සාධක බලකායක් පත්කළ යුතුය. අවුරුදු හතරක කාල පරිච්ඡේදයක් තුළ අවම වශයෙන් 50% කින් ආදායම වැඩි කිරීමේ ඉලක්කයක් ලබාදිය යුතුය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ මෙය සිදු කිරීමට තරම් ප්‍රමාණවත් කැපවීමක් සහ හැකියාවක් ඇතැයි අපි විශ්වාස කරමු. නොමැති බව වඩාත්ම පැහැදිලිව පෙනෙන සාධකය වන්නේ මූලෝපායික නායකත්වයයි. එය කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
  5. ලංකාවේ බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විවිධ ආකාරයේ බදු නිදහස් කිරීම්වලින් සමන්විතය. ඒවා අඩු කිරීම මගින් බදු ආදායම් වැඩිකිරීම සහ බදු කාර්යක්ෂමතාව වැඩිකිරීම යන දෙකටම සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකිය. පවතින සියලුම බදු නිදහස් කිරීම් පරීක්ෂා කිරීමේ සහ අසාධාරණ ලෙස පෙනෙන ඒවා ඉක්මනින් අවසන් කිරීමේ ක්‍රම නිර්දේශ කිරීම සඳහා බලය සහිත කුඩා, අර්ධ වශයෙන් ස්ථාවර කාර්ය සාධක බලකායක් පිහිටුවීමට අපි නිර්දේශ කරමු.
  6. බදු පරිපාලන ප්‍රතිසංස්කරණයේ දිගුකාලීන උපාය මාර්ගයක කොටසක් ලෙස දිස්වන්නේ නම්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙහි ප්‍රතිසංස්කරණය කිරීමේ කාර්යය පහසු කළ හැකිය. 1968 බදු කොමිෂන් සභා වාර්තාවේ දක්වා ඇති විශිෂ්ට උපාය මාර්ගයෙන් එය ආරම්භ කරන ලෙස අපි නිර්දේශ කරමු. සම්පාදනය කරන ලද කාල වකවානුවට ඉදිරියෙන් තිබූ එය අදටත් දැඩි ලෙස අදාළ වේ. එහි මූලික හරය වූයේ බදු ප්‍රතිපත්ති සහ බදු ක්‍රියාත්මක කිරීමේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ අධ්‍යක්ෂවරුන් සහිත ආදායම් අධ්‍යක්ෂ කාර්යාංශයක් පිහිටුවීමේ යෝජනාවයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව වෙනම දෙපාර්තමේන්තු ලෙස පවතින අතර, ඒවායේ ප්‍රධාන අරමුණු වන්නේ තක්සේරු සිදුකිරීමයි. වෙනත් බොහෝ කාර්යයන් (උදා: එකතු කිරීම, විමර්ශන, මානව සම්පත්, නීතිමය) විශේෂිත, පොදු දෙපාර්තමේන්තු මගින් සිදු කරනු ලැබේ. මේ වන විට ලංකාව තුළ කැපී පෙනෙන අඩුපාඩුවක් වන්නේ වෙනම ක්‍රියාත්මක වන ආදායම් දෙපාර්තමේන්තු අතර සහයෝගීතාවක් නොමැතිකම වන අතර ආදායම් අධ්‍යක්ෂ කාර්යාංශය මගින් එම තත්වය වෙනස් කරනු ඇත. මෙම යෝජනාව ඉදිරිපත් කිරීමේදී, 2002-4 කාලයේ පැවති ආණ්ඩුව විසින් අර්ධ ස්වයං පාලනයක් සහිත ආදායම් අධිකාරියක් පිහිටුවීමට අදාළ යෝජනාවක් ඉදිරිපත් කළ බව සහ එය ආදායම් ආයතනවල කාර්ය මණ්ඩලය විසින් වහා එම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලද බවට අපට අවබෝධයක් තිබේ. එයට එක් හේතුවක් වූයේ එය උපදෙස් විමසීමකින් තොරව හදිසියේ ප්‍රකාශයට පත්කිරීමයි.  උපදෙස් විමසීම හොඳ දෙයකි. එහෙත්, එමගින් යෝජනාව සඳහා පුළුල් සහයෝගයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. අප යෝජනා කරන්නේ උපායමාර්ගික අරමුණ විය යුත්තේ ආදායම් අධ්‍යක්‍ෂ ජනරාල් කාර්යාංශය නිර්මාණය කිරීම, සේවකයන්ට වැඩි වැටුප් පැකේජ සහ සේවා කොන්දේසි සහිතව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉක්මනින් එයට මාරු කිරීම  සහ දිගුකාලීනව රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තු එයට අනුබද්ධ කිරීම බවයි.

උමේෂ් මොරමුදලි, කොළඹ විශ්වවිද්‍යාලය

මික් මුවර්, International Centre for Tax and Development and IDS, Sussex.

2022 අප්‍රේල් 12

Leave a Reply

Your email address will not be published. Required fields are marked *