ස්වාධීන කොමිෂන් සභා වඩා සාර්ථක කර ගන්නේ කෙසේද? | November 06, 2022
FULL VIDEO: https://www.facebook.com/nationalmovementforsocialjustice/videos/567214358738960
MODERATOR: Mr. Harendra B Dasanayake, Director Research, One Text Initiative Guarantee Ltd
PANEL:
- Mr. Nihal Wickramasuriya, Former Chairman, National Procurement Commission
- Mr. Uditha Palihakkara, Former Chairman, National Finance Commission
- Ms. Ramani Muttettuwegama, Senior Advocate and Managing Partner Tiruchelvam Associates
- Mr. Siri Hettige, Former Chairman, National Police Commission
සාකච්ඡා වූ ප්‍රධාන අදහස්
- යටිතල/ කාර්යාල පහසුකම් / මානව සම්පත් නොමැති වීම පිළිබඳ ගැටලු
- අලුත් කොමසම් පත් කිරීමේ සිට ක්‍රියාත්මක වීම දක්වා මාස හයක් පමණ ගත වීම. විශේෂයෙන් අලුතින් පිහිටුවනු ලබන කොමිසම් වලට මෙය බලපායි.
- කොමසාරිස්වරු හැරුණුවිට අනෙකුත් නිලධාරීන් රාජ්‍ය සේවයේ සේවකයන් අතුරින් පත් කිරීමේදී කල් ගත වීම
- බොහෝ විට අවශ්‍ය තරම් සේවක සංඛ්‍යාවක් ලබා ගැනීම අපහසු වේ.
- ගුණාත්මක මානව සම්පත් ලබා ගැනීම
- ඇතැම් කොමිසම්වල කාර්යභාරයට අදාළ සුවිශේෂී දැනුම සහ පුහුණුව අවශ්‍ය කාර්යයන් සඳහා රාජ්‍ය සේවයේ සිටින නිලධාරීන් අතුරින් විශේෂඥ දැනුම සහිත නිලධාරීන් බඳවා ගැනීමට නොහැකි වීම
- රාජ්‍ය සේවයට පිටතින් එවන් කුසලතා ලබා ගැනීම සඳහා වෙළඳපොළ මිල සමඟ ගැලපෙන ගාස්තු හෝ වේතන ගෙවීමට නොහැකි වීම
- රාජ්‍ය සේවා කොමිසම, වැටුප් කොමිසම ආදී ආයතන හරහා උක්ත අවශ්‍යතා ඉටු කර ගැනීම ඉතා අසීරුය
- රාජ්‍ය නොවන සංවිධාන/ ජාත්‍යන්තර බහු පාර්ශවීය ආයතන මගින් එවන් සේවා ලබා ගැනීමට කටයුතු කෙරුණ ද ඒවා ප්‍රමාණවත් නැතිවා මෙන්ම ස්ථාවර ද නොවේ.
- ජනතා අපේක්ෂාවන් සහ කාර්යභාරය අතර පරතරය
- ස්වාධීන කොමිසම්වලින් ජනතාව අපේක්ෂා කරන අන්දමේ සේවයක් ලබා දීමට බොහෝ කොමිසම් අපොහොසත් වීමට ඒ්වා සතු බලය සහ සම්පත් හිඟතාව බලපායි.
- ඇතැම් කොමිසම් නිර්දේශ නිකුත් කිරීම සහ පටිපාටි සම්පාදනයට සීමා වී තිබුණ ද ජනතාව ඊට වඩා නීති ක්‍රියාවට නැංවීමක් අපේක්ෂා කරති (කොමිසම්වලට ප්‍රමාණවත් තරම් දත්ත තිබෙනවාද?)
- කොමිසම්වල ස්වාධීනත්වය
- කොමිසම්වලට සාමාජිකයන් පත්කිරීම
- ඒවායේ මූල්‍ය සම්පාදනය
- ක්‍රියාත්මක වීමේ නිදහස සහ ප්‍රමාණවත් පිළිගැනීමක් ලැබීම
යන අංශ තුනම කොමිසමක ස්වාධීනත්වයට බලපායි. එබැවින් හුදෙක් ස්වාධීන අන්දමින් පත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. කොමිසමට මුදල් සම්පාදනය මෙන්ම ඒ වෙනුවෙන් පෙනී සිටීම (presenting and protecting) පාර්ලිමේන්තුව තුළ සිදු කිරීම වැදගත්ය.
- දේශපාලන අතපෙවීම් වළැක්වීම පිණිස තවදුරටත් කටයුතූ කළ යුතු වේ. පොලිස්පතිවරයාගේ මෑතකදී නිකුත් කළ වාර්තාව අනුව, බොහෝ පත්කිරීම් සහ මාරු කිරීම් සිදු කර ඇත්තේ ප්‍ර්‍ර්‍ර්‍රාදේශීය දේශපාලඥයන්ගේ අවශ්‍යතා අනුවය.
- කොමිසම්වල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස, ව්‍යවස්ථාව සංශෝධනය වුවද පවතින කොමිසම්වල ක්‍රියාකාරිත්වය පිළිබඳ විශේෂ ගැටලුවක් නැතිනම් ඒ්වා දිගටම පවත්වා ගැනීම සලකා බැලිය යුතුය.
- කොමිසම්වල බලතල
- නිර්දේශ පැහැර හැරියහොත් ගත හැකි ක්‍රියාමාර්ග පැහැදිලිව සඳහන් විය යූතුය
- වෙනත් සමගාමී සමග ආයතනික මට්ටමින් සම්බන්ධ වීමේ අවස්ථාව ලැබිය යුතුය.
- කොමිසම් අනවශ්‍ය බරක්ද?
කොමිසම් පිහිටුවා පවත්වාගෙන යාමේ බර ඒ්වායින් ලැබෙන ප්‍රතිලාභවලට අනුව සලකා බැලිය යුතූ වේ. ඒ අනුව, එම ආයතනවලින් වැඩි සේවයක් ලබා ගැනීම මිස, ඒවා තවත් දූර්වල වීමට ඉඩ තැබුවහොත්, දූෂණය සහ නාස්තිය මෙන්ම, ප්‍රජාතන්ත්‍රවාදය ද විශාල අනතූරකට මුහුණ දෙනු ඇත.
ප්‍රධාන නිර්දේශ
- මූල්‍ය ස්වාධීනත්වය සහ මානව සම්පත් ලබා ගැනීමේ ශක්‍යතාව වර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ.
- ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කිරීම.
- මූල්‍ය ස්වධීනතාව ඇති කිරීම පිණිස ඇතැම් කොමිසම්වලට සිය සේවා ලබා ගන්නා ආයතනවලින් ගාස්තු අය කිරීමේ ක්‍රමයක් සම්පාදනය කිරීම (නිදසුන් ලෙස, විදුලි සන්දේශ නියාමන කොමිසම සහ මහජන උපයෝගීතා කොමිසම මෙන්)
- මානව සම්පත් ඍජුව බඳවා ගැනීමේ හැකියාව කොමිසම්වලට ලබා දීම (ආයතනික නිර්දේශපාලනීකරණය ආරක්ෂා කර ගැනීමට ප්‍ර්‍රවේශම් විය යුතුය)
- කොමිසම්වල තීන්දු සහ නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට හෝ ආයතනවලට එරෙහිව කටුයුතු කිරීමේ බලතල සහ බල ව්‍යුහයන් නිවැරදි කළ යුතුය.
- එක් කොමිසමක කාර්යය සාර්ථක වීමට බොහෝ වෙනත් ආයතනවල කාර්යක්ෂමතාව ද බලපාන බැවින් ආයතන අතර තොරතුරු බෙදා හදා ගැනීමේ හැකියාව වර්ධනය කිරීම සුදුසුය.
- කොමිසම්වල වගවීම සහතික කිරීම පිණිස කාර්තුමය හෝ ද්වි-වාර්ශික වාර්තා පාර්ලිමේන්තුවට ලබා දීම අනිවාර්ය කළ යුතුය.
- කොමිසම් සහ වෙනත් රාජ්‍ය ආයතන සමාජ විගණනයකට (social audit) ලක් කිරීම සුදුසුය.