December 4, 2024

NMSJ Proposals for a Small and Accountable Cabinet (Sinhala Text)

ගෝටා-ගෝ-හෝම් අරගලයේ සාධනීය ප්‍රාප්තිය වග වෙන කුඩා ඇමති මණ්ඩලයකි

ඇමති මණ්ඩලයේ ගණන සඳහා ව්‍යවස්ථාවෙන් තිහක උපරිමයක් නම් කර තිබෙනවා. නමුත් මේ අවස්ථාවේ  ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව උපරිමය පහළොවක් විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනාව  අප විසින් කරුණු කාරණා සහිතව අනුමත කරනවා. ඇත්තෙන්ම එය කෙටි කාලීනව මෙන්ම ඉදිරි දශයකට හෝ වැඩි දුරකට බල පාන අර්බූදයකට මැදිවී සිටින අප වැනි රටකට දීර්ඝ කාලීනවද සුදුසු වන බව අපේ මතයයි.  ඊට අමතරව  ඒ එක් එක් ඇමතිවරුන් කාර්ය සාධන ඉලක්ක කිහිපයකට බැඳී සිටිය යුතු බවත් එම  ඇමතිවරුන් තෝරා ගත යුත්තේ ඒ ඒ පුද්ගලයාගේ පෙර කාර්ය සාධනය අනුව මිස ජ්‍යෙෂ්ඨත්වය හෝ වෙනත් කාරණා අනුව නොව බවත්  අප විසින් යෝජනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *